සම්බෝලය
පිහිදා ඉහ අග දෑසේ කඳුලු උනා....
රස බල,බල අඩුම කුඩුම එකට අනා...
රජ වාසල රජ බොජුනත් එපා උනා....
අමිමෙි රස සම්බෝලය මතක් උනා....
හීල් බතට,දහවල,රෑ තුන්වෙිල...
කෑවත් එපා වෙන්නෑ කුඹුරේ හාල...
ලූනු,මිරිස්,පොල්,දෙහි,ලුණු රස බාල..
අමිමගේ ආදරේ මුසුකල ඇනු තාල....
දහස් ගණන් කඩපිල් වල ලෙවකනවා....
කොලොමි තොටෙි මන්දිර මැද විකිනෙනවා..
කාපු වෙලාවට ඉහ මොල රත්වෙනවා...
අම්මෙි ඒ අත්ගුණ මට සිහිවෙනවා..
ආයෙත් අහල
ReplyDeleteපට්ටයිි කවිය
ජයවේවා
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete