Saturday, April 9, 2016

සම්බෝලය


පිහිදා ඉහ අග දෑසේ කඳුලු උනා....
රස බල,බල අඩුම කුඩුම එකට අනා...
රජ වාසල රජ බොජුනත් එපා උනා....
අමිමෙි රස සම්බෝලය මතක් උනා....

හීල් බතට,දහවල,රෑ තුන්වෙිල...
කෑවත් එපා වෙන්නෑ කුඹුරේ හාල...
ලූනු,මිරිස්,පොල්,දෙහි,ලුණු රස බාල..
අමිමගේ ආදරේ මුසුකල ඇනු තාල....

දහස් ගණන් කඩපිල් වල ලෙවකනවා....
කොලොමි තොටෙි මන්දිර මැද විකිනෙනවා..
කාපු වෙලාවට ඉහ මොල රත්වෙනවා...
ම්මෙි ඒ අත්ගුණ මට සිහිවෙනවා..

Thursday, April 7, 2016

සත්තයි සුදු මැණිකේ...

වාන්දමන අනුරාගී පෙමි
සිතුවමි ජලාසේ...
හාන්කවිස්සියක් නැතුව
ඉන්නෙද නොදැනුනාසේ...
ඇදහැලෙනා පෙමි වරැවෙන්
මගෙ හිත් මඩලම උතුරනවා
සත්තයි සුදු මැණිකේ...

කෝන්තරේ මොටද ඉතින් නෙතු
මා හා සිනාසේ..
වාත්තුකල රෑප සොබා
දේදුනු තැවරැනාසේ..
තරැ ගැන්නා ඇති සංකාවෙි
උමතු සඳ දිය උතුරනවා..
සත්තයි සුදු මැණිකේ...

හිඟුරැගල කන්ද මුදුනේ
ගැබිබර වැහි වලාසේ..
වහින තුරා මං උන්නේ වියලුන
මහ කතරසේ...
වස්සානේ බිඟුරාවෙි 
හිත්මල් යායේ රැවි දෙනවා...
සත්තයි සුදු මැණිකේ.....

Wednesday, March 30, 2016

මදක් සිතමි......




මදක් සිතමි......
ඇණ ගැසූ හදවත කෘතිම විය...
පාර පුරා ඇදී ආ වේදනාවක් නැත...
මොහොතක් සිතමි
යලි යලිත්....
හදවත.....මට අවශ්‍යද...?
මෙි වරින් වර ගැහෙන්නෙ බල්බයකි...

Tuesday, March 29, 2016

දස්කොන් දුකෙන්.......


දස්කොන් දුකෙන්.......
කන්ද උඩරට උමතු සඳ වත
බිසවිනේ ප්‍රමිලා....
කවිකලද රස නුඔට උපමා 
නොමැත මට මැවිලා...
අසමිමත පෙමි නුරාගිනි මැද
මහද අද ගිලිලා....
කියා දෙනු මැන බිසවිනේ මට
සෙංකඩගලම දැවිලා...

Monday, March 28, 2016

නුඹේ ආදරය

දහදුක් විඳ කොටා
අඩුම කුඩුම දමා රසකලද...
මට හොරා ලුණු දමා
අවුල් කොත්තුවකි .....